විද්යුත් මාද්යය තුල කවිය කොය්බටද?.

>> Wednesday, March 31, 2010

ලන්කාවේ ජනප්රියම කවියා විල්බට් අඹලතලාව යැයි මිතුරෙක් දිනක් මා හා පැවසීය. හුදු හාස්යය උදෙසාම වූ ප්රකාශයක් වුවත් එහි මතුපිට පෙනෙන අර්තයට වඩා ගැඹුරක් ඇතැයි වැඩිදුර කල්පනා කිරීමේදී පැහැදිලි වේ.
විල්බට් අඹලතලාව ලියූ ‘බස් කවි’ ප්රදාන බස් නැවතුම්පලවල් අසල පදික වේදිකාවලින් රුපියල් පනහකට ස්ටිකර් වශයෙන් මිලදී ගැනීමට පුළුවන.රුපියල් විස්සට මිලකල කවිද ඒ අතර නැතුවාම නොවේ. බොහෝ කෙටිගමන් සේවා බස්රත වල මෙවන් උපදේශාත්මක කවි පන්ති අලවා තිබෙනුද දක්නට ලැබේ.
කයන්න වියන්න මන්ගල කලාපයේ පිටපත් කිහිපයක් කිහිප දෙනෙකු අතර බෙදාහැරීමට දැරීමට වූ අපරිමිත උත්සාහය, ඉහත ප්රකාශය හාස්යයට වඩා සත්යයට කොතරම් සමීපදැයි මනාව පසක් කර දෙයි.
කවිය හා ගීතය බොහෝවිට එකිනෙක බැදී පවතී. ගීත බවට පත්වූ කවි සන්ක්යාව අතිමහත්ය. මහගම සේකරයන්ගේ බහුතර ගීත කවි වශයෙන් පලමුව ලියවුනු බව කවි ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනා දනිති. ගීතය යනු ආයාසයෙන් හෝ අනායාසයෙන් ශ්රවනය වන මාද්යයක් වුවත් කවි යනු බොහෝදුරට ආයාසයෙන් ඇසුරු කල යුතු මාද්යයකි.
කලා මාද්යයන් අතරින් ගීතය යනු මෑත ඉතිහාසයේ ඉතාම පරිහානියට ලක්වූ මාද්යයක් බව අනිවාර්යයෙන්ම සැලකිය යුතුය. බටහිර සන්ගීත සම්ප්රදායන් අමු අමුවේ කොපි කර, කොත්තුරොටී සන්ගීතය යොදා, පියයුරු දෙකලවා අඩු වැඩි වශයෙන් නිරාවරනය වන පරිදි යුවතියන් පෙනී සිටින රූප රචනා ඇති, අන්තර්ජාලය හරහා නොමිලේ බෙදාහරින, සතියෙන් දෙකෙන් ඉවත විසිකල හැකි ‘ඩිස්පෝසබල්’ වර්ගයේ ගීත පැය විසිහතරම පුරා විවිද මාද්යයන් ඔස්සේ ජනතාවගේ කන් තුලට එබ්බවීම සිදුකෙරේ. නදීක ගුරුගේ, කසුන් කල්හාර වැනි අල්පයන් කිහිප දෙනෙකුගේ ගීත හැරෙන්නට සාර්තක නව නිර්මාන බිහිවන්නේ ඉතාම අල්ප වශයෙනි.
ගීතය මේ තත්වයෙන් පවතිද්දී කවිය ස්ර්ව්ය දුශ්ය මාද්ය හරහා කිනම් ආකාරයකින්වත් සමාජ ගත්වන්නේ නැති තරම්ය. පෙර දැක්වූ පරිදි බස් කවි වැනි ප්රාතමික කවි රටාවන් හැරෙන්නට අපට කවියක් ඇසෙන්නේ කුමන අවස්තාවන්හිද? පන්සල් වල පොහෝ දින වල වාදනය කරන කවි බන, සල්පිල් කවි හෝ තොරණ කවි වැනි මූලික කවි සම්පරදායන්ට අමතරව ස්ර්ව්ය මාද්ය හරහා ඔබ කිසිවෙක් කවි අසා තිබේද?
මෙයට තර්කයක් හෝ පිලිතුරක් වශයෙන් මුද්රිත මාද්ය වල ‘කවි පිටු’, කවි මඩු , කවි සන්වාද වැනි දෑ ඇතමෙක් ගෙනහැර දක්වන්නට පුළුවන. අවාරයට පොල් වැටෙන්නාක් මෙන් පවත්වන කවි සන්වාද, කවි මඩු හා ඒවායේ පොදුජන නියෝජනය නොගිනිය හැකි තරම් අල්පය. මුද්රිත මාද්ය වල කවි පිටු කොතරම් වගකීමකින් කවිය සමාජ ගත්කරයිද යන්න සන්වාදයට බදුන් කලම යුතු කාරනයකි.
ඇතැම් පුවත්පත් වල කවි පිටු එක් රාමුවකට කොටුවී , ඒ රාමුවෙන් පිටත සිට කවිය අත්විදිනු කැමැත්තෝ ඒ රාමුවෙන් පිටතම රදවා තැබීමට උත්සුක වෙති.කවි පිටුවකට තැපැල් කරනු ලබන කවියක් මාස ගනනාවකට පසු පලවන අවස්තා විරල නොවේ. රාජ්ය හිතවාදී මාද්ය වල යම් දේශපාලන ප්රචාරනයක් පලකිරීමට අවශ්ය වූ විට මුලින්ම කපාහරින්නේ කවි පිටුව බව ඔබ නිරීක්ශනය කර තිබේද?
හැත්තෑව, අසූව දශක වල බිහිවූ කවිතරු අතර දැනුදු අප සැරිසරමු.අතීතයේ ඒ සුවද පොද ඉවකර හෝ යම් කාව්යමය රසාස්වාදයක් විදීමට අපරිමිත උත්සායක් දරන්නෙමු. කිසිදා ඇස නොගටුනු, කිසිදා හඩ හෝ අසා නැති සේකරයන්, චන්ද්රකුමාර වික්රමරත්නයන් වැන්නවුන්ට අපි නැවත නැවතත් පෙම් බදින්නෙමු.ඒ මහා කවි වෘක්ශයන්ගේ ආභාශය ලැබූ, ගුරුහරුකම් ලැබූ ඇතැම් කාව්ය හැකියාවන් ඇත්තෝ අදද අප අතර වෙසෙති. මෙවැන්නෝ ආදුනිකයන්ට අත දීම වෙනුවට තම නිසඟ හැකියාවන් මුදලට විකිනීමේ හා වන්දිභට්ට ගායනා රචනයේ නිරතව සිටිති. 
වසරකට වරක් විශ්ව විද්යාල මගින් පවත්වනු ලබන වාර්ශික කලා උලලේත්, රාජ්ය සාහිත්ය උලලේදීත් තෝරාගන්නා සීමිත කවි අත්පිටපත් කීපයක් අනුග්රහය යටතේ මුද්රන ද්වාරයෙන් කල එලි බසිති.අතිමහත් වෙහෙසක් දරා කාලය කැප කර කවි පොතක අත්පිටපතක් ලියාගන්නා සෙස්සෝ ප්රකාශන ආයතනයකින් ප්රකාශන ආයතනයකට පාද චාරිකාවේ යෙදෙති. නැතහොත් යම්කිසි මුදලක් සියතින් වියදම් කර සිය නිර්මාන පොතක් ලෙස කල එලි දක්වති. කවි පොතක් එලි දක්වා ඉන් පිටපත් සියයක් අලෙවි කරගැනීම යනු අදකාලයේ ඉතා දුශ්කර කර්තව්යයකි. එයින් ගම්ය වන්නේ අද සමාජය තුල කවියට පිලිගැනීම අල්ප, එසේත් නැතිනම් ශුන්ය තත්වයකට පත්ව ඇති බවද, එසේ නැතහොත් ඉල්ලුමට අනුව සැපයීම විනා අන් කිසිවක් සමාජය තුල සිදු නොවන බවද?
නූතන කවීත්වයේ නව ප්රවනතාවන් අන්තර්ජාලය හරහා කල එලි බසින්නේ මෙවන් වාතාවරනයක් තුලය. මූලිකව විද්යුත් තැපෑල තුල මිතුරන් අතරේ මට්ටමෙන් හුවමාරු වූ කවි, අද වන විට විවිද නිදහස් වෙබ් අඩවි හරහා, අන්තර් ජාල කවි සමාජ හා එකමුතු හරහා කල එලි බසිමින් තිබේ. දෙපැත්ත කැපෙන පිහියක් මෙන් මුවහත් මෙම තත්වය විහිදී යන පරාසයන් බොහෝය. 
මෙම නව කවි ප්රවනතාවය කෙරෙහි ප්ර්වීණ කවීත්වයේ ඇස මෙතෙක් යොමු වී නොමැත. හුදෙක් ආත්ම තෘප්තිය සදහා හෝ සීමිත මිතුරු කැලකගේ දිරි ගැන්වීම් තුල සිදුවන මෙම කාව්යමය මුදා හැරීම් අන්තර්ජාලයෙන් පිටත වෙසෙන බහුතර වෙත ගෙනයාමේ කිසිදු වැඩ පිලිවෙලක් මෙතෙක් දියත් වී නොමැත. සීමිත අන්තර්ජාල කවීන් පිරිසක් තම නිර්මාන මුද්රන ද්වාරයෙන් පිට කිරීමට සමත් වී ඇතත්, බහුතරයකගේ සාර්තක නිර්මාන අන්තර්ජාලය තුල පාවෙම්න් පවතී.මෙවන් කවි යම් ඇගයීම් පටිපාටියකට යටත්ව සමාජගත කිරීමක් වන්නේ නම් එය ශ්රී ලාන්කීය කවීත්වයේ නිම් වලලු තවතවත් පුලුල් කිරීමට මහෝපකාරී වනු නොඅනුමානය.
කවිය සමාජගත කිරීමේ වගකීම මාද්ය වලට අමතකව ගොස් ඇත්තේ පවතින කර්මයේ වරදක්ද, රසඤතාවය මොට වී යාමේ ප්රතිපලයක්ද, එසේත් නැත්නම් ඉල්ලුමක් නැතිකමද යන්න අදටත් පිලිතුරු නැති පැනයකි.

යන්න වියන්න මාසික කවි පුවත්පතේ තුන්වන කලාපයට ලියූ ලිපියකි.


3 විවේචන:

දිල් March 31, 2010 at 8:24 PM  

කයන්න වියන්න මාසික සගරාව පිළිබඳව අද මා අරවින්දගෙන් දෑනගත්තා. එයට කවියක් යැවීමටත් මා අදහස් කරගෙන සිටිනවා. දින කීපයකට මට නුවර යන්න වෙලා .ආව ගමන්ම කවිය යවනවා...

ඇත්තෙන්ම රසික මෙය කතා කල යුතු මාතෘකාවක්.
අපේ අවධානය ඒ දෙසට යොමු කලාට ඔබට ස්තුතියි

රසික වික්රමනායක March 31, 2010 at 8:44 PM  

දිල්ට මම ආරාදනා කලේ අපේ මේ වැඩේට එන්න කියලා තමයි මම ටික දවසකට ඉස්සෙල්ලා..

අපි තරුන පරපුර වශයෙන් මෙයට මැදිහත් විය යුතු මයි...

මින්දද April 17, 2010 at 9:25 AM  

කවිය කියන්නෙ හරියට යොදා ගන්නවානම් හරිම බලගතු දෙයක් අයියේ.. විප්ලව, නිදහස් අරගල වලදි කවිය කරපු මෙහෙය ඉතා ප්‍රබලයි.ඒ වගෙම සෞන්දර්‍යාත්මක හැදියාවකින් යුක්ත ජන සමාජයක් බිහි කරන්නත් සාර්ථක කවියට පුළුවන්. නමුත් අවාසනාවකට ඒ තත්ත්වය ඇතිවෙන්න කවියෙක්, කවියක් වගේම හොද සහෞද පිරිසකුත් ඉන්න ඕනෙ. මම දකින විදිහට එතැනයි අඩුව තියෙන්නෙ.

කයන්න වියන්න කියන්නෙ හොද දෙයක්. කාලීන අවශ්‍යතාවයක්. මම දකින විදිහට පත්තරයක දාන්න තරම් ගුණාත්මක බවක් මගේ කවි වල තාම නැහැ. ඒත් මම උත්සහ කරන්නම් අයියේ. ඒ තරමේ නිර්මානයක් කරලා ඒ හොඳ කටයුත්තට දායක වෙන්න.

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP