ලේ…

>> Saturday, May 15, 2010


නොසිතු එක් මොහොතකදි
මඟහැරී බිම වැටී
ජීවිතේ පලඟාන 
ඉරිතලා බිඳුනා…

බිඳුන ජීවිත කැබලි
එකින් එක ගනින විට
අත කැපී ලේ ගලයි
ඔබේ ආදරය ලෙස….


Read more...

බෝඩිමේ ඇඳ….

>> Monday, May 10, 2010

කුලුඳුලේ මගෙ
පෙම්වතිය වී
හදේ සුසුමන්
විඳපු කොට්ටය..

මගේ නිකලැල්
තරුණ සාරය
වසර ගනනක්
ඉරූ මෙට්ටය….



Read more...

අබිසරුලියගේ පෙම් ගීය….

>> Friday, May 7, 2010

සබඳ ඔබ දනී නම්
ඔබ පතන මා සුරත
සිදාදියේ සියක් අත් හා 
වෙලෙන බව එක දිනක..

ඔබගේ නොයිඳුල් හාදුවකින්
කිති කවන්නට පතන දෙලවන
සීතල, උණුසුම් කම්මුල් පහසින්
මැරි මැරී යලිත් උපදියි…

නැති බැරි කමට ඇඟ වික්කට
ගමට කලුවර එනකොට
කියන්නේ කෙලෙස මම
අබිසරු ලියක් බව
මා අතම පතන ඔබට?


Read more...
Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP