අපි තවමත් ඒ කාලෙද?

>> Saturday, September 25, 2010

තාත්තා කිව්වා මතකයි මට
රජමැතිවරු වඩිනකොට 
මහපාරේ
ඒ කාලේ
හුදී ජනයා කාණුවට බැස්සලු
හිස නමා දණ ඔබා ආචාර කෙරුවලු..

අද හැන්දෑවෙ ගෙදර එද්දි
ඇස් නිලංකාර වෙන නිල් එලිමැදින්
ඇමති පුතෙක් පාරෙ යද්දි
මමත් බේරුනේ
කාර් එක කානුවට කපලා

අපි තවමත් ඒ කාලෙද?



Read more...

පොත් සලකුණ

>> Sunday, September 5, 2010

ජීවිත පොතේ
නැවතුන තැන් සිහිකරවන
පොත් සලකුණ
ඔබ….



Read more...

වැස්ස…


සුළගේ නැටූ අතු රිකිළි
මොහොතකට නිහඬ කර
උණුසුම් සුලං පොලවට එවන
අහස් කුස දෙබෑ කර විදුළිය මවන….

නැවුම් සුවඳ පොදකින් නාස්පුට හකුළුවන
දුඹුරු දුමාරයක් අහසට නඟන
ටක් ටක් හඬින් වැහි බිඳු මවන
මිහිකත දෙදරවා කම්පා කරන…

පිට දිගේ සිසිලට ඇදෙන
දහඩිය කදුළු බිඳු සේ
ගස් කඳන් මත සුදු ඉරි අදින
සීත දිය බිඳු මිහිකත සිඹින…

පිලිවෙලට නැටූ ගොයම
අවුල් කල හිසකෙස් රොදක් ලෙස
ගිලිහුනු වියැට නව පණ දෙවන
බොල් වී අහුරු දුරටම යවන..

වැස්ස…….

2010.08.28

Read more...
Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP