පිය සෙනෙහස සැඟව ගොස් දෙවසරකි…..

>> Wednesday, October 31, 2012

අඩි හතක් දිග
අඩි තුනක් පලල
රතු පස් ගොඩක් යට
පිය සෙනෙහස සැඟවුන දින…

තවමත් යන්තමින් ගලා යන
එදවස ඇරඹි කඳුළු ගඟුලක් ලඟ
නාම කාය සිතේ ඉතිරි කර
ඔබේ රූප කාය මැකී ගිය දින….

අදට හරියට දෙවසරයි
පියේ ! ගුණකඳ නොමියෙයි
සසරක් පුරා පැතුමයි
යලිත් ඔබ මා පිය වන්නයි…

Read more...

පැතලි මේ බිම නවමු ලෙස…..

>> Tuesday, September 25, 2012


සබඳ කෙතරම් මෙහි ඇත්ද
විසල්ව පැතිරි නිල් තණ බිමේ
කෙළවර මිහිදුමට මුවහ වී
උස් නූස් කඳු මුදුන් ………

එකාකාරී මේ බිම
වෙනස්ව දකිනු රිසියෙන්
කැමැත්තෙමි මම නැඟ බලන්ට
එවන් එක් කඳු මුදුනකට….

සිසිල් වා රැළි මුහුනත සිඹින
යලි යලිත් පැමිණ ගත හී ගඩු නංවන
ඈතින් පෙනෙනෙ ගිරි ශිඛර මුදුනේ
කෙතරම් විසිතුරු දේ ඇත්ද?

ස්ථිරය මට මේ පැතලි බිම
අතරින පතර නැඟි ගිරි ශිඛර හා
ගංගා ඇල දොල වන ලැහැබ්
ගැවසි ඇති වග තැනින් තැන …..

සබඳ එක් වන්න මා සමඟ
ගිරි ශිඛර තරණයට යුහු යුහුව
පැතලි මේ බිම නවමු ලෙස
ඉහල සිට විඳිනු රිසිනම්….


2012.09.13

Read more...

එම්බාම්……

>> Saturday, April 14, 2012


වයසට ගිය, තරුණ ළදරු

අතපය කැඩුනු, තැළුනු ,ඇඹරුනු

කාටත් පොදු මරණය

යම් ලෙසක ළඟා වුනු…..



නෑ හිත මිතුරු

වැළඳ සිඹ වැලපෙන

මුහුණු අතගා බලන

ගෙදර යන්ට පෙර

අත සෝදන්ට කරාමය සොයන ….



බඩ පලන, හකු කඩන, කට මහන

ෆෝමලින් විදින, ලේ හලන, ගඳ හමන

කලිසම්, කබා, ගවොම්, සාරි වදෙන්ම අන්දවන

ලණු තුන් පොටක ලා පෙට්ටියට බස්සන …..



උලා නෙක අඳුන්, පීරා මැරුණ කොණ්ඩය

තවරා තොල් මැලියම් ඔබා පුළුන් කට, නාසය

පුරවා පිදුරු රෙදි කෑලි පුම්බා බඩ ගෙඩිය

ගෙනවිත් බාර දෙන සමගින අඩු වැඩිය….

Read more...

අඳුර.......

>> Friday, April 6, 2012


ඉරි තැළුනු පියන් පතකින් පෙරී එන


සඳ දිය ඇබිත්තක්


මහපටැඟිලි තුඩින්


කළුවරට අවනතව වසාලමි…….



අඳුර කෙතරම් සුන්දරද?

Read more...
Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP