ඔබේ තත්සර

>> Thursday, April 8, 2010

මේඝයක් සේ හමා දැවටෙන
ඔබේ තත්සර හඬට මුසුවී
සීත මැදියම එකලු කරමින්
නිවා සනහයි මහද 
මිහිරිය…

පිපී හිනැහෙන සීත අලුයම
පිනිබිදිති රැදි කුසුම් පොකුරක
නිරාමිස වූ සිඟිති රාවය
හදින් කුල්මත් වෙමින් සැනහෙමි

ජීවිතේ අනිමිස විරාගය
මදක් සනහන සිත් විරාමය
ඔබේ රතැඟිලි තුඩක දැවටී
පසක් කරවයි දිවි මහෝඝය..


6 විවේචන:

රවා April 8, 2010 at 10:17 PM  

ලස්සන මොහොතක් හදවත ඇතුලෙ මවන කවි කිපයක්.. ලස්සනයි රසික අයියා.. ලස්සනයි.. කවිය ත් ලස්සනයි.. කවිය සිතුවම් කරන මොහොතත් ලස්සනයි..

රසික වික්රමනායක April 8, 2010 at 10:48 PM  

ගොඩක් ස්තුතියි රවා.
මගේ බිරිඳ වයලින් එක වාදනය කරද්දි මට ඇතිවුන සිතුවිල්ලක්.

Raven April 9, 2010 at 8:33 AM  

හරිම අපූරුයි මිත්‍රයා.
හරිම සෞම්‍ය බවක් දැනුනා මේ පදපෙලේ.

රවා April 10, 2010 at 3:25 AM  

මම හිතුවෙ වෙහෙසිලා ඇවිත් ඉන්න වෙලාවෙ ඇය දෙස බලද්දි ඇති උන සිතුවිල්ලක් කියලා..
" තත්සර " වචනය තිබුනත් මා එතනදි හිතුවෙ.. ඇගෙ හඬ වෙනුවෙන් බාවිතා කල වචනයක් කියලා..

කොච්චර අපි උත්සහා කරත් එ මොහොතෙ ජිවත් වෙද්දි හදවතට දැනෙන දෙ ගන්න වචන වලට කවදාවත් බැහැ කියලා හිතෙනවා..

දිල් April 10, 2010 at 5:27 PM  

ෂා...මම අදනෙ දන්නෙ සුදුමැණිකෙට වයලීන් එක ගහන්න පුළුවන් කියලා.....ඇස් වහගෙන අහගෙන ඉන්න පුළුවන් දෙයක් තමා වයලීන් වාදනව....

මේ පදටිකත් හරිම ලස්සනයි රසික

රසික වික්රමනායක April 15, 2010 at 7:36 PM  

රාවන්ට: ගොඩක් ස්තුතියි.
රවාට:මම හිතන්නෙ කවියක් කියවද්දි කියවන්නාට අය්තියක් තියෙනවා විවිද තේරුම් ඔස්සේ රස විදින්න. ස්තුතියි...

දිල්ට: සුදු මැනිකෙට වයලින් වාදනය සම්බන්දයෙන් විශේශවේදී උපාදියක් තියෙනවා දිල්..

ස්තුතියි කවිය අගය කලාට....

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP