තරුණ - මහලු…

>> Tuesday, March 16, 2010


සෝපානය
ඉහල එනතුරු
රැදී සිටින
මා පසුකර
පියගැට නඟින
මට වඩා මහලු
ඔබ…


8 විවේචන:

දිල් March 17, 2010 at 9:49 AM  

අපේ තරුණකම ගැන ලැජ්ජා විය යුතු නොවෙද ?

``` Outsider``` March 17, 2010 at 10:34 AM  

හොඳ සංකල්පනාවක්......

රසික වික්රමනායක March 17, 2010 at 10:59 PM  

ඔව් දිල්.. අපිට අපි දෙමවුපියන් කරන දෙයින් භාගයක්වත් කරන්න බෑ. ඉස්සරහට අපේ දරු පරම්පරාව නිකම්ම නිකමුන් වෙයි..

ස්තුතියි ඔබට..



ස්තුතියි ඔබට අවුට්සයිඩර්...

Chathura Wijekoon|චතුර විජේකෝන් March 18, 2010 at 3:11 PM  

මේක සම්පූර්ණ ඇත්ත... අලුත් පරම්පරාව පයින් යන්න, හිටගෙන ඉන්න වගේ දේවල් වලට හරිම දුර්වලයි...

හොඳ නිර්මාණයක් සහෝ...

රසික වික්රමනායක March 19, 2010 at 8:49 PM  

ස්තුති චතුර.... අපි හැම දේම පහසුව බලනවා මිසක් පිරිමහගන්න බලන්නෙ නෑ...

රවා March 19, 2010 at 11:13 PM  

රසික වික්‍රමනායක....
මට ඊයෙ මහගම සේකර වෙනුවෙන් ඔබ හදපු බ්ලොග් හම්බ උනෙ... පුදුම සතුටක් ඇති වුනා.. කොහොම උනත් එතන ඔබ ගැන සදහනක් නැහැ.. මම එ මෙ අත හෙව්වා කවුද මෙක කරන්නෙ කියලා... එතකොට තමයි rss reader එකෙ රසික වික්‍රමනායක කියන නම දැක්කෙ...කොච්චර තදට ඔයගෙ නම මතක හිටියද කියතොත් දිල් අක්කගෙ බ්ලොග් එකෙ ඔයාගෙ නම දැකපු ගමන් එතනින් කෙලින්ම මම මෙතනට ආවා.. හරිම ආසයි මහගම සෙකරව අගය කරන,එතුමාගෙ කවිවලින් ජිවිතය දකින කෙනෙක්ව හමුවෙද්දි....

ඔයාගෙ කවිය ගැන යමක් කියනවානම්

වචන 13 කින් සමාජ යථාර්තයක් ගැන කියනවා...තාක්ෂනයෙ කල එලිදැකිමත් එක්ක මිනිස් හැකියාවන් මොට වෙලා.. අලුත් පරම්පරාව program කරපු යන්ත්‍රත් එක්ක වෙගයෙන් යද්දි මහලු මිනිසුන් තවමත් එයාලා පුහුණු කරපු හැකියාවන් එක්ක හෙමින්... මෙ යන්ත්‍රය නැති වුන දවසකට අලුත් පරම්පරාව හිඟන්නො ටිකක් වෙනවා නෙද.... මම ඔයාගෙ කවිය තුල දකින දෙ එකයි....

රසික වික්රමනායක March 20, 2010 at 6:48 AM  

රවාට..

බොහොම ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවාට… මම ගොඩක් කල් ඉදන් කවි ලියනවා.. ඒත් එච්චර ප්රචාරනය ගැන හිතුවෙ නෑ. ළඟදි තමයි බ්ලොග් සන්සදයට ඇතුලු කලෙත්..

කෙටි කවි ලියන්න මම ආසයි.. මම හිතන්නෙ මගෙ දක්ශතාවය තියෙන්නෙ එතන…

සේකරගෙ බ්ලොග් එකේ මම දාන්නෙ සේකරගෙ කවි.. ඉතින් මම කවුද කියන එක වැදගත් නැහැ කියල මම හිතන්නෙ.. අනික සේකර වෙනුවෙන් මෙහෙම පොඩි දෙයක් හරි කිරීමට ලැබීම අප්රමාණ සතුටක් මට….

ස්තුතියි…!

රවා March 21, 2010 at 11:48 PM  

එහෙම තමයි.. කෙනෙක් හරි අපි ලියන දෙයක් දැකලා.. එකට.. ඔයා මෙහෙම නෙද හිතුවෙ කියලා කියලා යද්දි දැනෙන සතුට හරිම වටිනවා.. එත් මම ඔයගෙ බ්ලොග් එක දැක්කෙ සින්ඩියෙන් නෙම..ඔයා කවුද කියන එක මම අදුනගන්නෙ ඔයාගෙ කවි වලින්.. රසික වික්‍රමනායක කියන්නෙ එක මනුස්සයෙක් විතරයි.. නමුත් ඔයා ලියන කියන දෙවල් වලින් මනුස්සයා ඇතුලෙ ඉන්න චරිත ටික අපි දැකිනවා..ලියන කෙනෙකුට තියන ලොකුම සතුට මොකද්ද.. එදෙ තව කාට හරි දෙන්න උත්සහා කරනවා..ඔයගෙ වචන කිපයක් දකින්න හම්බ උන එක සතුටක්...

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP