ප්රබුද්ධ උපුටනය 05
-
ලගිත් සිඟන්නෝ ඉස්තෝප්පුවෙහි
වහල යට කොටුවේ ස්ටේසමෙහි
මූණ ලා බිත්තියට
පත්තර කඩදාසි මත
ගුලි ගැසී කඩමාලු වැරහැලි තුල
තබාගෙන තම අතම තම හිසට.
සිහින් අත්ගොබ තියුණ...
13 years ago
ඉරි තැළුනු පියන් පතකින් පෙරී එන
සඳ දිය ඇබිත්තක්
මහපටැඟිලි තුඩින්
කළුවරට අවනතව වසාලමි…….
අඳුර කෙතරම් සුන්දරද?
© Blogger templates Shiny by Ourblogtemplates.com 2008
Back to TOP
4 විවේචන:
ෆිල්ම් හෝල් එකට වේලාසනින් ගියාම බලාගෙන ඉන්නේ ලයිට් නිවනකං .....
රසික අයිය කොච්චර කාලෙකට පස්සෙද!
පුංචි කවියෙ තේරුම ලොකුයි.
ලස්සනයි..නොලියා ඉන්නෙ නැතිව ලියන්නකො මේ වගේ..
@ ඔබ නොදුටු ලොවක් : ස්වභාවික අඳුරෙත්, නිර්මාණය කල අඳුරෙත් විශාල පරාසයක් තියෙනවා. උදාහරණ වශයෙන් රාත්රි යාමයේ දැනෙන සීතල, ගුප්ත බව, අඳුරු කල කුටියක් අස්සේ නෑ.
@ කස්සා : ස්තුතියි….!
@ ඉරේෂා : කවි ලියන්න ඕනි විවේකය, තැන්පත් බව දැන් බෙහෙවින්ම අඩුයි. කවි නිමිති ඇවිත් නිකම් පරවෙලා යනවා. ආයෙත් දවසක් කවි ලියන්න හැකි වේවි. ස්තුතියි මේ පැත්තෙ ආවට..
Post a Comment