තෙමිච්ච ලෙච්චමී ….
>> Thursday, May 5, 2011
තෙමිච්ච ලෙච්චමී
තේ පඳුර ලඟ
තෙමිච්ච කිකිළි වගේ
කකුල දිගේ නගින කූඩැල්ලෝ
ඇඟිලි තුඩින් ගෙන
තේ පඳුරු මත ….
කොටම කොට කලිසම් අඳින
ත්රී රෝසස් සිගරැට් බොන
වත්තෙ පුල්ලෙ
ජීප් කට්ටේ ටවුමට ගිහින් එන ගමන්…
තෙත සාරිය විනිවිද පෙනෙන
ලෙච්චමීගෙ රූ සපුව
සුරුස් ගා නෙත් කොනින් උඩට ඇද
ජීප් කට්ටේ එල්ලෙන්ට
මහත්තයා අඬ ගසයි ඇයට…
“එපා මාතියා… මම පෂ්ෂේ එන්නම්”
කකුලේ එල්ලෙන
කොට මහත ලේ බුබුළු කූඩැල්ලෝ
පුල්ලෙට වඩා තවත්
ලේ බොන කූඩැල්ලෝ කොහිද?
තෙමිච්ච ලෙච්චමී
තවමත් තේ පඳුර ලඟ
කූඩැල්ල ලේ නොබී යන්න ගිහින්…
2011.04.28





