දයාබර අප්පච්චි….

>> Sunday, February 27, 2011


ඔබ නික්ම ගිය දින සිට
තවමත් දුක්බරය ජීවිත තනුව
ගොළුව ගොස් ඇත කවිසිත
ඵල රහිත නිස්සාර ජීවිතය
යළි යළිත් සිතෙයි මට…

එක්කර සියළු වෙර
දුබලව ගිය ගත වාරුවට
ඇවිද ගොස් ගිලන් හල් ගානේ
තැතනු හැටි ඉටු කරන්නට යුතුකම්
දූ දරුවන් වෙනුවෙන්..
සිහිවන මතක පොද
සඳ නැඟ එන රැයක
නිදි නැති විටෙක
නෙත් කෙවෙනි තුල කඳුළු ලෙස
තවම උතුරා ගලයි…

සරත් සඳ බැස යන තුරුම
වසත් සඳ නැඟ එන තුරුම
පින්නෙන් පෙඟුන තුරුපත් අතර
සඳ දිය උතුරා ගලා
ඔබ නිදන පොලවේ
මිහිරැති සිත්තම් මවයි
ඒ සිත්තම් අතර
බොඳවුන සුදු රුවක් ලෙස
ඔබේ රුව යලි යලිත් මැවි මැවී
සෙනෙහසින් මගේ හිස පිරිමදියි…..

2011.02.22

3 විවේචන:

``` Outsider``` February 27, 2011 at 9:52 AM  

ගැඹුරටම දැනෙනව..

නලිනි චන්දිමා February 27, 2011 at 1:18 PM  

ඉතාම කිට්ටුවරයෙකුගෙ අවසන් කාලය පිළිබඳ මතකයන් හා වියෝව ගෙන එන දුක හඳුනන්නෙ ඒ දුක එලෙසින්ම විඳි කෙනෙක්, එහෙමත් නැත්නම් ඒ හා ආසන්න අත්දැකීමක්වත් ඇති කෙනෙක් පමණයි. කොච්චර බුදු බණ ඇහුවත් මගපල නොලත් අපට හිත හදාගන්න අමාරුම ඉසව්වක් මේ. හිතට හුඟක්ම තදින් දැනුණා මේ පදපෙළ.

රසික වික්‍රමනායක February 27, 2011 at 7:54 PM  

thanks for both of you!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP