තෙමිච්ච ලෙච්චමී ….

>> Thursday, May 5, 2011


තෙමිච්ච ලෙච්චමී
තේ පඳුර ලඟ
තෙමිච්ච කිකිළි වගේ
කකුල දිගේ නගින කූඩැල්ලෝ
ඇඟිලි තුඩින් ගෙන
තේ පඳුරු මත ….

කොටම කොට කලිසම් අඳින
ත්රී රෝසස් සිගරැට් බොන
වත්තෙ පුල්ලෙ
ජීප් කට්ටේ ටවුමට ගිහින් එන ගමන්…

තෙත සාරිය විනිවිද පෙනෙන
ලෙච්චමීගෙ රූ සපුව
සුරුස් ගා නෙත් කොනින් උඩට ඇද
ජීප් කට්ටේ එල්ලෙන්ට
මහත්තයා අඬ ගසයි ඇයට…

“එපා මාතියා… මම පෂ්ෂේ එන්නම්”

කකුලේ එල්ලෙන 
කොට මහත ලේ බුබුළු කූඩැල්ලෝ
පුල්ලෙට වඩා තවත්
ලේ බොන කූඩැල්ලෝ කොහිද?

තෙමිච්ච ලෙච්චමී
තවමත් තේ පඳුර ලඟ

කූඩැල්ල ලේ නොබී යන්න ගිහින්…

2011.04.28


Read more...

මුහුණු …..

>> Friday, March 4, 2011

උදෑසන වැඩ පලට යන විට
ඉදිරියට මුණ ගැසෙන
විවිධාකාර
ගැහැණු පිරිමි මුහුණු…

සිනා පොදක් නැති
කතා බහක් නැති
ඉළූ වත්සුණු සුවඳ යටින්
තරහව, විරහව
උතුරා ගලන….

ඉහට උඩින් පායන ඉරමල
දින, සති ගනනකින් දැක නැති
ඉක්මනින් කිපෙන
බිමට හැරුණු මුහුණු …..


2011.03.03

Read more...

බෙහෙත්

>> Thursday, March 3, 2011


තැබෑරුම අසබඩ
ඔසු සල..


ඒ ඒ ලෙඩට
ඒ ඒ බෙහෙත්…

2011.03.03


Read more...

දයාබර අප්පච්චි….

>> Sunday, February 27, 2011


ඔබ නික්ම ගිය දින සිට
තවමත් දුක්බරය ජීවිත තනුව
ගොළුව ගොස් ඇත කවිසිත
ඵල රහිත නිස්සාර ජීවිතය
යළි යළිත් සිතෙයි මට…

එක්කර සියළු වෙර
දුබලව ගිය ගත වාරුවට
ඇවිද ගොස් ගිලන් හල් ගානේ
තැතනු හැටි ඉටු කරන්නට යුතුකම්
දූ දරුවන් වෙනුවෙන්..
සිහිවන මතක පොද
සඳ නැඟ එන රැයක
නිදි නැති විටෙක
නෙත් කෙවෙනි තුල කඳුළු ලෙස
තවම උතුරා ගලයි…

සරත් සඳ බැස යන තුරුම
වසත් සඳ නැඟ එන තුරුම
පින්නෙන් පෙඟුන තුරුපත් අතර
සඳ දිය උතුරා ගලා
ඔබ නිදන පොලවේ
මිහිරැති සිත්තම් මවයි
ඒ සිත්තම් අතර
බොඳවුන සුදු රුවක් ලෙස
ඔබේ රුව යලි යලිත් මැවි මැවී
සෙනෙහසින් මගේ හිස පිරිමදියි…..

2011.02.22

Read more...

රටකජු….

>> Saturday, February 5, 2011

රෑ දහයේ අන්තිම බසයේ
සෙනඟ අඩු අසුනක හිඳ
යුහු යුහුව රටකජු
ගිල දමන යුවතිය …..

දොලොස් පැය වැඩ මුරේ
නින්දට පෙර ලැබෙන
අන්තිම කෑම වේල
ඔය රටකජු මුල බව
අදහමි කෙලෙස?



Read more...
Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP