දයාබර අප්පච්චි….

>> Sunday, February 27, 2011


ඔබ නික්ම ගිය දින සිට
තවමත් දුක්බරය ජීවිත තනුව
ගොළුව ගොස් ඇත කවිසිත
ඵල රහිත නිස්සාර ජීවිතය
යළි යළිත් සිතෙයි මට…

එක්කර සියළු වෙර
දුබලව ගිය ගත වාරුවට
ඇවිද ගොස් ගිලන් හල් ගානේ
තැතනු හැටි ඉටු කරන්නට යුතුකම්
දූ දරුවන් වෙනුවෙන්..
සිහිවන මතක පොද
සඳ නැඟ එන රැයක
නිදි නැති විටෙක
නෙත් කෙවෙනි තුල කඳුළු ලෙස
තවම උතුරා ගලයි…

සරත් සඳ බැස යන තුරුම
වසත් සඳ නැඟ එන තුරුම
පින්නෙන් පෙඟුන තුරුපත් අතර
සඳ දිය උතුරා ගලා
ඔබ නිදන පොලවේ
මිහිරැති සිත්තම් මවයි
ඒ සිත්තම් අතර
බොඳවුන සුදු රුවක් ලෙස
ඔබේ රුව යලි යලිත් මැවි මැවී
සෙනෙහසින් මගේ හිස පිරිමදියි…..

2011.02.22

Read more...

රටකජු….

>> Saturday, February 5, 2011

රෑ දහයේ අන්තිම බසයේ
සෙනඟ අඩු අසුනක හිඳ
යුහු යුහුව රටකජු
ගිල දමන යුවතිය …..

දොලොස් පැය වැඩ මුරේ
නින්දට පෙර ලැබෙන
අන්තිම කෑම වේල
ඔය රටකජු මුල බව
අදහමි කෙලෙස?



Read more...

යන මඟ…

>> Sunday, January 16, 2011


හතර දෙන 
හතර කොණ
දෙණ
ඔසවා ගෙන යන සඳ
කනත්තට….

පසුපසින් නැඟෙයි
ගොර බිරම් නළා හඬ
රිය සක….

ඇවුරුණ බැවින් මඟ
මොහොතකට…..

2011.01.13


Read more...

ආත්මය …

>> Saturday, January 15, 2011


ශරීරය නම් කලය තුල
වටකුරුව ගුලි ගැසී නිදන
විස දළැති
ස්ර්පයෙකු වැනිය
ආත්මය …….

කවා පොවා ඇති දැඩි කල හැකි
හිස අතගා වුව සුරතල් කල හැකි
කිසි විට කොයි ලෙස පහර දේවිදැයි
සිතා ගන්න බැරි….


Read more...

>> Monday, December 20, 2010

කම්මැලිකමට දහවල් නිදිවැද
මැදියමේ යහනත පෙරළි පෙරළී සිටි සඳ
කවුළුවෙන් ආ සඳ දියත්තක
නොයෙක් කවිසිත් ගලා ආයෙය.

පසුවදා අළුයම
පිබිදී බලන සඳ
ඒ සියළු කවි සිත්
අමතකව ගොස් තිබිණි…



Read more...
Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP