අපි තවමත් ඒ කාලෙද?

>> Saturday, September 25, 2010

තාත්තා කිව්වා මතකයි මට
රජමැතිවරු වඩිනකොට 
මහපාරේ
ඒ කාලේ
හුදී ජනයා කාණුවට බැස්සලු
හිස නමා දණ ඔබා ආචාර කෙරුවලු..

අද හැන්දෑවෙ ගෙදර එද්දි
ඇස් නිලංකාර වෙන නිල් එලිමැදින්
ඇමති පුතෙක් පාරෙ යද්දි
මමත් බේරුනේ
කාර් එක කානුවට කපලා

අපි තවමත් ඒ කාලෙද?



Read more...

පොත් සලකුණ

>> Sunday, September 5, 2010

ජීවිත පොතේ
නැවතුන තැන් සිහිකරවන
පොත් සලකුණ
ඔබ….



Read more...

වැස්ස…


සුළගේ නැටූ අතු රිකිළි
මොහොතකට නිහඬ කර
උණුසුම් සුලං පොලවට එවන
අහස් කුස දෙබෑ කර විදුළිය මවන….

නැවුම් සුවඳ පොදකින් නාස්පුට හකුළුවන
දුඹුරු දුමාරයක් අහසට නඟන
ටක් ටක් හඬින් වැහි බිඳු මවන
මිහිකත දෙදරවා කම්පා කරන…

පිට දිගේ සිසිලට ඇදෙන
දහඩිය කදුළු බිඳු සේ
ගස් කඳන් මත සුදු ඉරි අදින
සීත දිය බිඳු මිහිකත සිඹින…

පිලිවෙලට නැටූ ගොයම
අවුල් කල හිසකෙස් රොදක් ලෙස
ගිලිහුනු වියැට නව පණ දෙවන
බොල් වී අහුරු දුරටම යවන..

වැස්ස…….

2010.08.28

Read more...

මලක මහිම..

>> Sunday, August 29, 2010


පිනි පෙඟුන අතු අගිස්සක
නටුවක්ව පිළසිඳ
සියක් පෙති විදා හිනැහෙන
කුසුමක සුවඳ
මේ උදෑසන..

මිහිකත නිවා සනහන
සිහින් පොදවැස්සකට හසුව
නටු අගින් ගිලිහෙත
එක දෙකක් ඒ මල්..

දිය කඩිත්තක සුළියකට හසුව
කැරකි කැරකී හිනැහෙන
කුඩමසු සමඟ එකවිට
දියමත රැඟුමකය
ඒ මල්….



Read more...

බිලාල සිහිනය…

>> Tuesday, July 13, 2010


බළලෙකු සැතපෙන අපූරුව බලන්න…
පාද කොට්ටා තුල උල් නිය සඟවාගෙන
දුඹුරු පැහැ වලිගය පිලිවෙලට තබාගෙන ..
අපිලිවෙල තැන්නක-විසිල අඩ කව වැනි
කළුවන් සම පත්ලේ -හැඟීම් විරහිත ලෙය
නිසොල්මන්ව - නිසසලව……

බළලෙකු සේ සැතපීමට ප්රිය කරමි මම…
කාලයේ සිනිඳු ලොම් තුල .
වියලි රාග ගින්න පිරිමැද
කළුගලක් සේ ගොරෝසු දිවෙන් ,
පියසි හා මිටියාවත් ඉහලින්
විහිදා මා ගත - කිසිවෙකු හා නොදොඩාම
ආශාවෙන් මන්මත්ව
ගොදුරු ලුහුබඳින්නට - මගේ සිහින තුල ….

බළලුන් නිදන සැටි දැක තිබේ මම …
රාත්රිය අඳුරු පැහැ දිය මෙන්
පසු කර තරඟ ලන සැටි නොතකාම ..
විටෙක සීත හිම කඳු මුදුනින්
පහලට ඇදවැටෙයි නොසිතාම..
බිළාලයන්ගෙ මුතුන් මිත්තන් මෙන්
බොහෝ දුර ගොස් නිදි දෙව් දුව සමඟ
වලාකුළු , උස් පියසි, ගිනි කඳු මුදුනින්
අඳුර තුලටම පිමි පනින…

උත්කෘෂ්ට බිශොප්වරයෙකු මෙන්
නිදියන් ,නිදියන් , රැයේ බිළාලය..
ඔබේ ශක්තිමත් වලිගයේ බලයෙන්
කළු ඝනැති උඩු රැවුල් පහසින්
රැක දෙන්න මගේ සිහින සැම
මෙහෙයවන්න අඳුරේ සරන සිත….

පැබ්ලෝ නෙරූඩා විසින් රචිත, “cats Dream” නම් කවි පෙලෙහි පූර්ණ , සංක්ෂිප්ත පරිවර්තනය.


Read more...
Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP