යන මඟ…

>> Sunday, January 16, 2011


හතර දෙන 
හතර කොණ
දෙණ
ඔසවා ගෙන යන සඳ
කනත්තට….

පසුපසින් නැඟෙයි
ගොර බිරම් නළා හඬ
රිය සක….

ඇවුරුණ බැවින් මඟ
මොහොතකට…..

2011.01.13


Read more...

ආත්මය …

>> Saturday, January 15, 2011


ශරීරය නම් කලය තුල
වටකුරුව ගුලි ගැසී නිදන
විස දළැති
ස්ර්පයෙකු වැනිය
ආත්මය …….

කවා පොවා ඇති දැඩි කල හැකි
හිස අතගා වුව සුරතල් කල හැකි
කිසි විට කොයි ලෙස පහර දේවිදැයි
සිතා ගන්න බැරි….


Read more...

>> Monday, December 20, 2010

කම්මැලිකමට දහවල් නිදිවැද
මැදියමේ යහනත පෙරළි පෙරළී සිටි සඳ
කවුළුවෙන් ආ සඳ දියත්තක
නොයෙක් කවිසිත් ගලා ආයෙය.

පසුවදා අළුයම
පිබිදී බලන සඳ
ඒ සියළු කවි සිත්
අමතකව ගොස් තිබිණි…



Read more...

ඔබේ උණුසුම

>> Thursday, December 16, 2010

බලා නෙත් කොණින් මා දෙස
රවා ගස්සා යොමා වෙන’තක
ඔබ හිඳ ගිය අසුන - බස්රිය කොනෙක
හිඳ ගනිමි මම, සඳ බැස ගිය සඳ….

ඔබේ උණුසුම තවම
බස් රිය අසුන මත………..

Read more...

මාළු…

>> Friday, December 10, 2010


පිළී ගඳ හමන
මාළු ලෑල්ලෙත්
මෙලෝ ගඳක් නැති
සුපිරි වෙළඳ සැලෙත්
විකුණන්නෙ
එකම මුහුදේ එකම මාළු…

2010.12.10


Read more...
Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP