නොසිඳෙන සෙනෙහෙ දිය….

>> Monday, October 25, 2010


දුරුතු රැය කලඹවා වහින
අනෝරා මහ වැස්සේ සිසිල
සිව් රියනක් යට නිදන
අම්මේ.. ඔබට දැනෙනවද?

තෙත පොලව කිඳාගෙන බසින
බොර සීතල මඩ දිය
අපට උණුසුම සැදූ ඇකයේ
ඉතිරි උණුසුම සොයනවද?

දෙතනේ කිරට හැරවූ ලෙය
සරු පොහොර බිඳක් වී
මිහිකත සනහා ගලයි
නොසිඳෙන සෙනෙහෙ ගඟුලක් ලෙස…

ඔබෙන් මිදුණු අන්තිම සුසුම් පොද
තවමත් සුව සදයි අම්මේ
උදේ රෑ ගත සිඹින
සීත පවන් රොදක් ලෙස….

මිය ගියත් තාත්ත්වික ලොවින්
මිය නොයන මසැසින් දකින සෙනෙහස
ඇස් අගින් වට කඳුලක් සේ
තුෂාරයක බබලයි…..



Read more...

රෝහල් අහස…

>> Saturday, October 23, 2010

ගිලිහෙන්නට තනන ජීවන රිද්මය
කෙසේවත් රඳාගන්නට නොහී
නික්මෙන සියදහස් මිනිස් ආත්ම
මොහොතකට නවතින නවාතැන්පල…..

කෙටි කලක් - දිගු කලක්
සෙවණ දුන් දුඟඳ පිරි සිරුරු දෙස
ඒ වටා වැලපෙන සුහද කැල
අවසන් වරට දෙස් දෙවන…

නැවත මව් කුසක්
සොයා අරඹන්නට
නිමක් නැති සංසාර දිගු ගමන
විදුළි සැරයක් සේ
එකවිටම නික්ම යන…





Read more...

සිගරැට්…

>> Sunday, October 3, 2010


කඩදහියක දැවටූ
දුම්කොළ සුඟක්
එක් කොනක ගින්දරක්
අනෙක් කොන බූරුවෙක්..!


මේක ෆේස්බුක් එකේ තිබිල හම්බ වෙච්ච කව්යක ට්රාන්ස්ලේශන් එකක්. සරල වුනත් අර්තවත් නිසා සිත් ගන්නා සුළුයි…


Read more...

අපි තවමත් ඒ කාලෙද?

>> Saturday, September 25, 2010

තාත්තා කිව්වා මතකයි මට
රජමැතිවරු වඩිනකොට 
මහපාරේ
ඒ කාලේ
හුදී ජනයා කාණුවට බැස්සලු
හිස නමා දණ ඔබා ආචාර කෙරුවලු..

අද හැන්දෑවෙ ගෙදර එද්දි
ඇස් නිලංකාර වෙන නිල් එලිමැදින්
ඇමති පුතෙක් පාරෙ යද්දි
මමත් බේරුනේ
කාර් එක කානුවට කපලා

අපි තවමත් ඒ කාලෙද?



Read more...

පොත් සලකුණ

>> Sunday, September 5, 2010

ජීවිත පොතේ
නැවතුන තැන් සිහිකරවන
පොත් සලකුණ
ඔබ….



Read more...
Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP