නොසිඳෙන සෙනෙහෙ දිය….

>> Monday, October 25, 2010


දුරුතු රැය කලඹවා වහින
අනෝරා මහ වැස්සේ සිසිල
සිව් රියනක් යට නිදන
අම්මේ.. ඔබට දැනෙනවද?

තෙත පොලව කිඳාගෙන බසින
බොර සීතල මඩ දිය
අපට උණුසුම සැදූ ඇකයේ
ඉතිරි උණුසුම සොයනවද?

දෙතනේ කිරට හැරවූ ලෙය
සරු පොහොර බිඳක් වී
මිහිකත සනහා ගලයි
නොසිඳෙන සෙනෙහෙ ගඟුලක් ලෙස…

ඔබෙන් මිදුණු අන්තිම සුසුම් පොද
තවමත් සුව සදයි අම්මේ
උදේ රෑ ගත සිඹින
සීත පවන් රොදක් ලෙස….

මිය ගියත් තාත්ත්වික ලොවින්
මිය නොයන මසැසින් දකින සෙනෙහස
ඇස් අගින් වට කඳුලක් සේ
තුෂාරයක බබලයි…..



0 විවේචන:

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP