සුළඟ, ඇය සහ මම..

>> Sunday, December 15, 2013


නුඹ මගේ ගෙට
එන්ට ඉස්සර
දුක කිව්වෙ මං
සුලං පොදකට
 
කවුළු පියනක්
සෙමින් සොලවා
සුළඟ නොගියේ
එහෙම දවසක
ඇරුණු දොරකින්
සුවඳ තවරා
ආව දා නුඹ
මගේ ලොව වෙත
 
 
කවුළු පියනට
මුවහ වී ගෙන
සුළඟ සැඟවිනි
නොදැක හෙමිහිට
 
දිනෙන් දිනගොස්
වසර ගනනට
නුඹ ගියත් යලි
සිටිය පැලවෙත
 
සුළඟ තවමත්
සුවඳ තවරයි
සිතෙ කහටක්
ඉතිරි නොකරම ...

0 විවේචන:

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP