මහා වාපිය..

>> Sunday, July 17, 2011


මේ ගඟ මෙතැනින් නැවතිනි..

මහ වේල්ල ලඟ
රළපතර නඟන වැවක් ලෙස….

එක් පසෙක,
හිරු රැසින් ගිනියම්ව කැකෑරෙන
පුලින තලයක් ඇත..

සුපෙම්වත් එ ගං කොමළිය
රැඳී තවමත් අනිත් පස නැත
ගැඹුරු කළු දිය කඳ
වැවක් සේ රැළි නඟා හැසිරෙත..

ඉදහිට වහින මහ වැස්සට
වාන් දමන දිය කඳ
පෙරදා රැළි නැඟූ පුලින තලයට
විගස දුව ගොස් දුක කියයි…

2011.07.11


3 විවේචන:

දිල් July 18, 2011 at 7:26 AM  

හරියට අපේ ජීවිත වගේ..... දුක් කඳ මැදින්.... සිනහව මැදින්..විටක සිඳෙමින්... වන්න දමමින්....

අර්ථවත් අදහසක් රසික

Gimhani July 19, 2011 at 5:34 AM  

මේ ගග මෙතනට විත් නිසල වන්නට පෙර
...බොහෝ භාධක වලට මුහුන දෙන්නට ඇති...
විටක චන්ඩවද විටක සෙමෙන්ද ගලා යන්නට ඇති..
තව කොපමන රහස් මේ තුල සැඟව ගියාදයි දන්නේ
.. ගං කොමලියම පමණි.

රසික වික්‍රමනායක August 14, 2011 at 7:58 PM  

@ දිල් : ස්තුතියි…. ඒත් මට කියන්න ඕනි උනේ ගඟක් උනත් හරස් කරල වේල්ලක් බැන්දම ඒකෙ තියෙන සෞන්දර්යය නැති වෙනවා කියලයි….
@ ගිම්හානි: ස්තුතියි…

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP