ගී මී විත

>> Monday, May 30, 2011


මේ සීමා මායිම් කඩුළු පැන
මී විතක් ගෙන - ගී පොතක් ලඟ
ඇස් අඩවන් කර සම්මෝහ නිද්රාවක
ගී ලියන්නට සිතෙයි මට…..

වැලි බදාම හුණු කුඩු අතරේ
කටු ගෑ සටහන් සිතුවම් අතරේ
මා ආසා කල හද බැඳි කවි සිත
කෙමෙන් කෙමෙන් මිය ඇදෙන්න යාවිද?

2011.03.05


4 විවේචන:

Chathura Wijekoon|චතුර විජේකෝන් May 31, 2011 at 9:13 AM  

මට මෙහි අදහස නම් හරියට පැහැදිලි නෑ.. මේ කියන්නේ ගීතය හමුවේ කවිය පසු බසින කතාවද..?

``` Outsider``` May 31, 2011 at 12:15 PM  

සීමාවට කොටු වුණාම ඉන් එපිට දේ ගැන ආශාවක් දැනෙන එක ස්වභාවිකයි.
හැමදාම වගේම අපූරුයි කවිය.

රසික වික්‍රමනායක May 31, 2011 at 7:24 PM  

චතුර : නහ. මේ මම ගැන. සරල කවියක්.

රැකියාව නිසා කලා කටයුතු මොට වෙනව කියලයි කිව්වෙ..

ස්තූතියි...!

අවුට්සයිඩර් : ස්තූතියි...!

නලිනි චන්දිමා May 31, 2011 at 8:30 PM  

කවි සිත එහෙම මියදෙන්න දෙන්න බැහැ. වැට පනිමු, හැබැයි මීවිත අරන් අහු වෙන්නෙ නෑ.

කොහෙන්ද මේ මුදු වචන ගලන්නෙ??

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP