කළු කොණ්ඩය..

>> Friday, June 18, 2010


සලළෙකු නොවෙමි මා
කළු කලද කොණ්ඩය..

මහළුව ලද දියණිය
නොකැමතිය මා සුදු කෙසට..

සීයා නොවෙමි මම
ඇගේ පියතුම මිසක……



5 විවේචන:

දිල් June 18, 2010 at 11:22 PM  

ඔය ප්‍රශ්ණය අද අපේ සමාජයේ බහුල ප්‍රශ්ණයක් වෙලා රසික. සමහර දෙමාපියන්ගේ අඩුපාඩු හොයන්නත් දරුවො පැකිලෙන්නේ නෑ...

ජීවිතේට ඕනෙ හැමදේම ලක ලැහැස්තිකරගෙන විවාහ වෙන්න හිතද්දී කාලය හුගාක් දුර ගිහින්නතින් අල්ලලා නවත්තන්නද ?

අන්තිමේදී මේ වගේ සිදුවීම දුකබර කතාවකට මුලපුරනවා...

රසික වික්රමනායක June 19, 2010 at 8:50 AM  

ඔව්.. සල්ලි හොයාගෙන, ගෙවල් දොරවල් හදාගෙන, පිලිවෙලක් වෙලා දරුවො හදන එක කල් දාන්නෙ ගොඩක් දෙමවුපියො තම්න්ගෙ දුක උන්ටත් දෙන්න බැරි නිසා.. ඒත් අන්තිමට දරුවො ඒක තේරුම් ගන්නෙ නෑ..
ගොඩක් ස්තුතියි දිල් අදහස් වලට..

ජංජාල චාමර June 19, 2010 at 10:25 AM  

හැමදාමත් වගේ , සමාජය ගැන හොඳ විවරණයක්!

[ලංකාවේ රජයේ කැම්පස් එකකට ගිය කෙනෙක්ට කොහොමත් බැඳලා ලමයි හදන්න වෙන්නේ 60 පැනලා!! :) ]

පිස්සා පලාමල්ල June 19, 2010 at 3:58 PM  

ඉස්සර වගේ නෙමෙයි දැන් ඉගෙන ගෙන රස්සවල් හොයාගෙන පිලිවෙලක් වෙද්දි වයස ගිහින්... නාකි වෙලා තමා බදින්න වෙන්නේ... අපි පව්

Chathura Wijekoon|චතුර විජේකෝන් June 28, 2010 at 5:13 PM  

ඕක ප්‍රශ්ණයක්මත් නෙවෙයි.. යථාර්ථයක් කියලයි මට හිතෙන්නේ. මගේ කොණ්ඩෙත් ඉදීගෙන එනවා... දැනටමත් බිරින්ඳෑ නම් කියන්නේ කළු කරන්න කියලා... දෝනියන්දැත් තව අවුරුදු 3-4කින් එහෙම කියාවි.. ඒත් මට නම් දුව ලැබෙනකොට අවුරුදු 30යි... මහළු ද මන්දා....

කාලීන නිර්මාණයක් සහෝ..

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP