කළු කොණ්ඩය..

>> Friday, June 18, 2010


සලළෙකු නොවෙමි මා
කළු කලද කොණ්ඩය..

මහළුව ලද දියණිය
නොකැමතිය මා සුදු කෙසට..

සීයා නොවෙමි මම
ඇගේ පියතුම මිසක……



වරුසාව…

>> Thursday, June 17, 2010


නිවාඩුව එක්දිනයි සතියටම
යා යුතුය ඔබ අතැර ඉක්මන්ව
දින සතක ආලය
එක් දිනක දිය හැකිද?

සය දිනක් දිය නොලද පැලයකට
මුරුගසන් වරුසාව පලදේද?



කූඩු කල සියොතුන් ගී ගයන්නේ කිම?

>> Wednesday, June 9, 2010


නිදහස් සියොතුන් කිමිද යටි සුළඟේ
සුපාවෙයි මිදෙන තුරු ජවය අත්තටු අග
නහමින් තැඹිලිවන් උදෑසන හිරු රැස
අයිතිය තමාටයි පවසමින් නුබගැබ….

කූඩුවක සිරකල එකදු එක කුරුල්ලෙක්
ලොව දකින ඉදහිට, රැදවුමේ කවුලුවෙන්
දෙපා බැඳ දමා ඇති, පියාපත් සිඳ ඇති
කරයි සිය තුඩ විවර,ගයන්නට ගීතයක්…

කූඩු කල කුරුල්ලා ගයයි එක ගීතයක්
බියක් මුසු රාවයෙන්, නොදත් ලෝකය ගැන
උගේ ගී රාවය, කඳු මුදුන් පිස හමයි
කූඩුකල කුරුල්ලා නිදහසේ ගී ගයයි…

නිදහස් සියොතුන් සිතයි තව සුලං ගැන
තුරු තුලින් හමන, ගස් වැල් සෙමින් සිඹින
කඳ මහත පණුවන් උදෑසන පින්නේ සරන
මේ විසල් අහස් කුස මගේමයි…!

කූඩුකල කුරුල්ලා සිහිනයේ සොහොන මත
සෙවනැල්ල පවා ඌ රැයේ බියවද්දන
උගේ ගී රාවය, කඳු මුදුන් පිස හමයි
කූඩුකල කුරුල්ලා නිදහසේ ගී ගයයි…

කූඩු කල කුරුල්ලා ගයයි එක ගීතයක්
බියක් මුසු රාවයෙන්, නොදත් ලෝකය ගැන
උගේ ගී රාවයට කඳු මුදුන් සලිත වෙයි
කූඩුකල කුරුල්ලා නිදහසේ ගී ගයයි…

මායා ඇන්ජෙලෝයු විසින් රචිත, “I know why the caged bird sings” කවි පෙලෙහි, පූර්ණ සංක්ෂිප්ත පරිවර්තනය.



ඔබ, මම සහ කාලය..

>> Tuesday, June 8, 2010


එදා හැමූ
මල් සුවඳ වෙනුවට
අද ඔබ ලඟින් හමන
සිද්ධාලේප 
බාම් ගඳ…..

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP