අතීතයේ රලු සුලග

>> Friday, July 8, 2016

අතීතයේ රලු සුලගින්
අනාගතය වියැලෙන විට
ඔබත් මගෙන් දුරක ගිහින්
සිදු වූ සැම නොසිදු විලස
හිටිහැටියේ අසුරු සැනින්
ඔබ මට මුණ ගැසුනු විටක
මිහිරි මතක හද පාරයි
ඔබට නොදැනි යවුල් විලස

 
ගලක් වගේ රළු හදවත
මෙලෙක් කලේ ඔබම තමා
එසිත කඩා බිම පාගා
නික්ම ගියෙත් ඔබම තමා
යලි කුසුමක් නොපිපෙන්නට
මුල් උදුරා යවට හලා
සොහොන් බිමක ඇති තනිකම
උරුම කලෙත් ඔබම තමා

 
තරු එලියක පල කුමටද
සද පායන රෑ අහසට
අලුයම පිණි දිය කුමටද
දිය නොරදන හිල් බදුනට
රිදියෙන් කල ඔඩම් මොටද
රන් තැටියක මී බොන විට
මද පවනක රැලි කුමටද
සුලි සුලගක් ගැවසෙන විට

 
ලොවම අදුරු කලා නොවේ
දෙනෙත් අන්ද කලා මිසක්
තුන්සිත රිදවුවා නොවේ
හදවත ඉදිරුවා මිසක්
දිය බිම ඉහිරුවා නොවේ
දියට සිගිරි හැලූ මිසක්
ඔබ මට නොලැබුනා නොවේ
මාවද නැතිවුනා මිසක්

0 විවේචන:

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP