අබිසරුලියගේ මධුසමය.

>> Thursday, July 7, 2011


පරණ බඳුනක
අළුත් මිදි යුෂ
දෝත පා පිළිනඟමි
මම ඔබට ….

දහසක් දනන් තොල ගෑ
මේ පැරණි බඳුනේ
මධු බී මත්ව සරනා
කිසිදා මධු නොදුටු
බඹරා නුඹ….

බඳුනට දෙතොල් තබා
රස ඉරූ අය බොහෝය..
ඒ රස මිදි යුෂට
එක්කල හලාහල විෂ
බොහෝය ….

නොකල වරදකට නොදැන
හලාහල විෂ බොන නුඹ
කමා කරන් මට
පසුව ආ වසන්තයකට
පෙම්බැඳි පවට මම…

2011.07.04


6 විවේචන:

කස්ස July 8, 2011 at 5:45 AM  

හ්ම්...පට්ට වචන ටික රසික අයියා.කාලෙකින් ඔය වගේ වචන ටිකක් දැක්කේ

නලිනි චන්දිමා July 10, 2011 at 8:55 AM  

පමා වී ආ වසන්තය
නික්ම යායැයි බියෙන්
සඟවා ගෙවුණු ගිම්හානය
සිනාසෙන කුසුමක්.

හුඟ දවසකින් දකින්නෙ රසිකගෙ කවියක්. අභිසරුලියගෙ සිතෙහි අසරණකම හොඳින් ඉස්මතු කරනවා.
ජය.

දුකා July 10, 2011 at 5:32 PM  

"කිසිදා මධු නොදුටු
බඹරා නුඹ…."
ඒ කියන්නේ නෑඹුල් බඹරෙක්??

"පසුව ආ වසන්තයකට
පෙම්බැඳි පවට මම…"
හලාහල විස බොන බඹරා ගැන දුකක් විතරමද . . .
නැති නම් බඹරා ගැන දුකෙන් බඹරා අතහරින්න හදනවද . .
ඒ කොටස මට නම් පොඩ්ඩක් පැහැදිලි නෑ වගේ රසික . .

රසික වික්‍රමනායක July 12, 2011 at 7:06 PM  

@ කස්සා : ස්තුතියි…!
@ නලිනි : ගොඩක් ස්තුතියි..! සමාජයේ අනුකම්පාව ලැබිය යුතු කොටසක්.. ඔවුන් ගැන ලිවීම සතුටක්..
@ දුකා: නැහැ.. ඒ කිව්වෙ අභිසාරිකාවට මඟ වැරදෙන්න පෙර පෙම්වතෙක් හමු උනා නම් හොදයි කියලයි.. ස්තුතියි මේ පැත්තෙ ආවට..

දුකා July 13, 2011 at 12:47 PM  

අබිසුරු ලියක් උනාට පසු කාලය වසන්තයක් ලෙස හඳුන්වා නම් "පසුව ආ වසන්තයට පෙම් බැඳි පවට" ඈ අබිසුරු ලිය ජීවිතයට කැමති බවක් දැනෙන්නේ . .

ඒත් වසන්තයට පෙම් බැඳීම පවක් කියපු එක නිසයි පොඩ්ඩක් අවුල් වගේ දැනුනේ . .

ඒක "පසුව ආ ගිම්හානයට පෙම් බැඳි පවට" කිව්ව නම් ග්‍රීස්ම කාලේ හෙවත් නරක කාලෙකට පම් බඳින්න සිදු වුනා කියලා හිතා ගන්න තිබ්බා . . .

සමාවෙන්න රසික . . .

නිර්මාණයේ මට දැනුනු දේ ගෙඩි පිටින් එහෙම්ම කිව්වා . . .

තරහ වෙන්න එපා ඕන්

රසික වික්‍රමනායක July 13, 2011 at 1:54 PM  

piksuda duka.. comments are highly appriciated...

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP