රෝහල් අහස…

>> Saturday, October 23, 2010

ගිලිහෙන්නට තනන ජීවන රිද්මය
කෙසේවත් රඳාගන්නට නොහී
නික්මෙන සියදහස් මිනිස් ආත්ම
මොහොතකට නවතින නවාතැන්පල…..

කෙටි කලක් - දිගු කලක්
සෙවණ දුන් දුඟඳ පිරි සිරුරු දෙස
ඒ වටා වැලපෙන සුහද කැල
අවසන් වරට දෙස් දෙවන…

නැවත මව් කුසක්
සොයා අරඹන්නට
නිමක් නැති සංසාර දිගු ගමන
විදුළි සැරයක් සේ
එකවිටම නික්ම යන…





Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP