ඔබේ ලොවෙන් මගේ ලොවට….

>> Friday, July 9, 2010


බොල් පිණි අහුරු වැටෙන
පාළු නුග ගස පාමුල
සුළගෙන් විසිල මැලවුන පත්
සර සර හඬින් සොලවා
සීත මැදියම් රැයක
නීල වර්ණ දුමාරයක්ව
පුස් බැඳුණ සොහොන් කොතින්
නැඟිට අහසේ සරමි…

කලකට පෙර අතැර ගිය
නෑ සියන් හිත මිතුරන්
සිහින අතරට පිවිස
දොඩමළු වෙමි..තතු විචාලමි
ඔවුන්ගේ මතකයන් තුල
මා පිලිබඳ රැදුනු
මතකයන් අවදි කරවා
අතීතේ මැලවුන සුවඳ පොද
යන්තමින් හෝ විඳිමි…

නින්දෙන් අවදිව දිනක
ඔබේ දහවල ගෙවන විට
අකුණු සැරයක් සේ විටෙක
මා පිලිබඳ මතකය
මනස හරහා ඇඳී යානම්
එයින් දැනගන් සබඳ
පෙරදින සිහින සමයක
ඔබ හා මා එකට
එක තැනක මුණ ගැසුනු වග…

2010.07.07


Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP