කූඩු කල සියොතුන් ගී ගයන්නේ කිම?

>> Wednesday, June 9, 2010


නිදහස් සියොතුන් කිමිද යටි සුළඟේ
සුපාවෙයි මිදෙන තුරු ජවය අත්තටු අග
නහමින් තැඹිලිවන් උදෑසන හිරු රැස
අයිතිය තමාටයි පවසමින් නුබගැබ….

කූඩුවක සිරකල එකදු එක කුරුල්ලෙක්
ලොව දකින ඉදහිට, රැදවුමේ කවුලුවෙන්
දෙපා බැඳ දමා ඇති, පියාපත් සිඳ ඇති
කරයි සිය තුඩ විවර,ගයන්නට ගීතයක්…

කූඩු කල කුරුල්ලා ගයයි එක ගීතයක්
බියක් මුසු රාවයෙන්, නොදත් ලෝකය ගැන
උගේ ගී රාවය, කඳු මුදුන් පිස හමයි
කූඩුකල කුරුල්ලා නිදහසේ ගී ගයයි…

නිදහස් සියොතුන් සිතයි තව සුලං ගැන
තුරු තුලින් හමන, ගස් වැල් සෙමින් සිඹින
කඳ මහත පණුවන් උදෑසන පින්නේ සරන
මේ විසල් අහස් කුස මගේමයි…!

කූඩුකල කුරුල්ලා සිහිනයේ සොහොන මත
සෙවනැල්ල පවා ඌ රැයේ බියවද්දන
උගේ ගී රාවය, කඳු මුදුන් පිස හමයි
කූඩුකල කුරුල්ලා නිදහසේ ගී ගයයි…

කූඩු කල කුරුල්ලා ගයයි එක ගීතයක්
බියක් මුසු රාවයෙන්, නොදත් ලෝකය ගැන
උගේ ගී රාවයට කඳු මුදුන් සලිත වෙයි
කූඩුකල කුරුල්ලා නිදහසේ ගී ගයයි…

මායා ඇන්ජෙලෝයු විසින් රචිත, “I know why the caged bird sings” කවි පෙලෙහි, පූර්ණ සංක්ෂිප්ත පරිවර්තනය.



2 විවේචන:

රවා June 11, 2010 at 11:52 AM  

කූඩු කල කුරුල්ලා ගයන යශෝරාවය ගැන නෙද කවියෙ තියන්නෙ, ගොඩාක් මිනිස්සුත් ගයන්නෙ ඔය ගීතයම තමයි.. අපි අසරණ වෙලා වගෙයි හිතට දැනෙනවා බුදු හාමුදුරුවනෙ.. මට මතක් වෙන්නෙ එච්චරයි..

The Art of Losing isn’t Hard to Master

දෙයක් නැති වෙද්දි අපිට දැනෙනවා, අපිට එක නැති වුනා කියලා, නමුත් ඇත්තටම නැති වෙලා නැති විත්තිය අපිට දැනෙද්දි එකත් දැනෙනවා..

රසික වික්‍රමනායක June 12, 2010 at 10:46 AM  

ඔව්.. තියෙන දෙයක් නැති උනහම දැනෙන දුක ඒ දේ උපතින්ම නැති උනාම දැනෙන දුකට වඩා ගොඩක් වැඩියි..ඒක එහෙම තමයි…..

ගොඩක් ස්තුතියි අදහස් දැක්වුවට රවා මල්ලි…

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP