තිලකා ඇවිත්

>> Monday, July 11, 2016

තිලකා ඇවිත්
ජීවිතය මල්ලක දාගෙන
අමු මිරිස් තුනපහ
සීනි සීයක්
ගංජ මිටියක්
...
කාසෙට හොද නෑ තමා
දොස්තර දැක්කොත් බැනුං
ඒ උනාට උන්නැහෙට තේරෙන්නෙ නෑ
අපේ ජීවිත වල දිගක් පලලක්
ලියන ලැයිස්තුවට පෙති
ෆාමසියෙන් අරං
බොනවට වඩා ගංජ හොදයි සුමනෙ
කැස්ස තුනී වෙනව
ඇස් වලට නිල් එලි එනව
කොහුමෝලෙ මුදලාලි
ජීවිතේ උකස් කරපු දෝනිගෙ ඇස්
ඒ නිල් එලිය අස්සෙ පේනව
එක පාරට ගැස්සිල
පියවි ලෝකෙට එනව
තිලකා ඇවිත්
ජීවිතේ මල්ලක දාගෙන

2 විවේචන:

Amila Chathuranga July 11, 2016 at 7:47 PM  

තිලගා ගංජ විතරයි ද අරං ඇවිත් තියෙන්නේ?

රසික වික්‍රමනායක July 13, 2016 at 3:43 PM  

ජීවිතය සහ සීනි

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP