පැතලි මේ බිම නවමු ලෙස…..

>> Tuesday, September 25, 2012


සබඳ කෙතරම් මෙහි ඇත්ද
විසල්ව පැතිරි නිල් තණ බිමේ
කෙළවර මිහිදුමට මුවහ වී
උස් නූස් කඳු මුදුන් ………

එකාකාරී මේ බිම
වෙනස්ව දකිනු රිසියෙන්
කැමැත්තෙමි මම නැඟ බලන්ට
එවන් එක් කඳු මුදුනකට….

සිසිල් වා රැළි මුහුනත සිඹින
යලි යලිත් පැමිණ ගත හී ගඩු නංවන
ඈතින් පෙනෙනෙ ගිරි ශිඛර මුදුනේ
කෙතරම් විසිතුරු දේ ඇත්ද?

ස්ථිරය මට මේ පැතලි බිම
අතරින පතර නැඟි ගිරි ශිඛර හා
ගංගා ඇල දොල වන ලැහැබ්
ගැවසි ඇති වග තැනින් තැන …..

සබඳ එක් වන්න මා සමඟ
ගිරි ශිඛර තරණයට යුහු යුහුව
පැතලි මේ බිම නවමු ලෙස
ඉහල සිට විඳිනු රිසිනම්….


2012.09.13

Read more...
Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP