බොල් වී…

>> Monday, September 12, 2011




සුළඟත් සමඟ පහලට වැටෙන
රන්වන් වියැට අතරින්
බොල්වී පෙරී වෙන් වී
කමත කෙලවර, ගොඩක් වී නැඟෙයි…

ඉඳහිට එක දෙකක්
සරු වියැට, ඒ අතරට
අහම්බෙන් එකතු වෙයි, නොදැනීම …

උදෑසන බොල් පින්නට තෙමී
එවන් තනි වී ඇට
නිල්වන් නව දළු නඟා
වියලි පොළවෙත් මුල් අදියි…

පොහොයක් දෙකක් ගෙවෙන සඳ
ඒ නව යොවුන් වී පැල
සුළගේ නටන රිදී වන් පත් සමඟ
පුරන් කුඹුරේ කොළ පැහැ මවයි…

ඊළඟ යලට අස්වද්දන්ට
බිම හෙලන පලමු උදළු පහරට
අසරණව අසුවන ඒ පැල පොඩි
කුඹුරටම දිරා පස් වී යයි…

1 විවේචන:

``` Outsider``` September 13, 2011 at 9:07 PM  

එතකොට බොල්වී අතරට වැටෙන සරු වියැටකට වටිනාකමක් ඇත්තෙම නැද්ද

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP