වෙසක්….

>> Thursday, May 12, 2011


පෝය සඳේ සුදු සඳ රැස්
පෙරී අවුත් පත් අතරින්
සවස අමැදි බෝ මළුවේ
බුදුරුව සිතුවමට නඟයි….

නිසසල මුකුලිත කොඳ මල් 
රෑ අඳුරේ ඇහ ඇරවා
රෑ කොවුලෙක් මියුරු හඬින්
බුදුගුණ ගායනා කරයි …..

සිතට ගතට සුවය ගෙනෙන
තෙත් බර මදරැලි පවනැල්
ඈත ලොවක හමා ඇදී
දෙව්බඹු මෙලොවට වඩවයි…….

2011.05.07


2 විවේචන:

නලිනි චන්දිමා May 14, 2011 at 1:32 PM  

සම්බුද්ධ ජයන්තිය එළඹෙන මොහොතේ සුන්දර සිතුවිල්ලක්.

රසික වික්‍රමනායක May 14, 2011 at 6:54 PM  

ගොඩක් ස්තුතියි චන්දිමා අදහස් වලට..තෙරුවන් සරණයි…!

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP