මුහුණු …..

>> Friday, March 4, 2011

උදෑසන වැඩ පලට යන විට
ඉදිරියට මුණ ගැසෙන
විවිධාකාර
ගැහැණු පිරිමි මුහුණු…

සිනා පොදක් නැති
කතා බහක් නැති
ඉළූ වත්සුණු සුවඳ යටින්
තරහව, විරහව
උතුරා ගලන….

ඉහට උඩින් පායන ඉරමල
දින, සති ගනනකින් දැක නැති
ඉක්මනින් කිපෙන
බිමට හැරුණු මුහුණු …..


2011.03.03

1 විවේචන:

නලිනි චන්දිමා March 7, 2011 at 6:53 PM  

මමත් වෙලාවකට කල්පනා කරනවා ඇයි මිනිස්සු උදේට වැඩට යනකොට රවාගෙන යන්නෙ කියලා. තවත් සමහර දවස්වලට මට හදිසියෙම වැටහෙනවා මමත් රවාගෙන යන බව! :D යන එන ගමන් අපි නොයෙකුත් ප්‍රශ්න ගැන කල්පනා කර කර යන නිසා වෙන්නැති ඒ.
අන්තිම පදපෙළෙන් කියනවා වගේ ජීවිතයේ සුන්දර පැත්ත රස විඳින්න නොලැබෙන මිනිස්සු පව්.

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP