අපි තවමත් ඒ කාලෙද?

>> Saturday, September 25, 2010

තාත්තා කිව්වා මතකයි මට
රජමැතිවරු වඩිනකොට 
මහපාරේ
ඒ කාලේ
හුදී ජනයා කාණුවට බැස්සලු
හිස නමා දණ ඔබා ආචාර කෙරුවලු..

අද හැන්දෑවෙ ගෙදර එද්දි
ඇස් නිලංකාර වෙන නිල් එලිමැදින්
ඇමති පුතෙක් පාරෙ යද්දි
මමත් බේරුනේ
කාර් එක කානුවට කපලා

අපි තවමත් ඒ කාලෙද?



6 විවේචන:

දිල් September 25, 2010 at 10:44 PM  

මම හිතන්නෙ ඔව්. ඔය " රස්සනය " හින්දා මමත් අනූ නමයෙන් පේරුනා දවසක්. රජ කාලය කෙසේ වෙතත් මේ කාලෙනම් කාණුවට පැනලාවත් බේරෙන්න අමාරුයිනෙ ....

හොඳ නිර්මාණයක් රසික

රවා September 25, 2010 at 11:55 PM  

ඉස්සර රජවරු ගැන බය ගෞරවය තිබුනෙ එ රජවරුන්ගෙ හැසිරිම, ක්‍රියාකාරකම්, එ ගොල්ලන්ගෙ ජිවත්වෙන විදියත් එක්කලා ගම්වල මිනිස්සු තේරුම් ගත්තා රජවරුත් යමක් කරනවා කියලා. නමුත් අද මේ සමහර මැති ඇමතිවරු, පක්ෂ නායකයින්, ජනතා නායකයින්, එයාලගෙ පවුල් වල උදවිය පතුරවන තේජසත් එක්ක අපිට හිතෙන්නෙ අපි ජිවත්වෙන විදිය එ රජවරුන්ට වැඩිය උතුම් කියලා. මිනිස්සුන්ගෙ ආදරය කරුණාව දිනාගත්තු නායකයින්ට ආරක්ෂාව අවශ්‍ය නැහැ, එයාලව එයාලගෙ පවුල් ඉබෙම රැකෙනවා. බියෙන් ඉන්න මිනිස්සු හැමදාම බියෙන් අන් අයට බිය බෙදනවා.

රසික වික්‍රමනායක September 26, 2010 at 9:55 AM  

ස්තුතියි දිලිනි, ස්තුතියි රවා…..

Hasitha Gunasinghe September 27, 2010 at 1:47 AM  

රජ කාලෙත් එහෙම තමයි
අද කාලෙත් එහෙම තමයි

``` Outsider``` September 27, 2010 at 8:51 AM  

වෙනසක් නෑ. එදා වගේම තමයි. වෙනස් වෙලා තියෙන්නෙ භෞතික දේවල් විතරයි. මිනිසා නෙවෙයි.
ඒක නිසා මේ රටේ නම් තව බොහොම කාලයක් අපිට කාණුවට බහින්න වෙයි.

රසික වික්‍රමනායක September 30, 2010 at 9:34 PM  

ඔව් , අපි ගතින් දියුණු උනාට හිතින් වැඩවසම්….

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP