මලක මහිම..
>> Sunday, August 29, 2010
පිනි පෙඟුන අතු අගිස්සක
නටුවක්ව පිළසිඳ
සියක් පෙති විදා හිනැහෙන
කුසුමක සුවඳ
මේ උදෑසන..
මිහිකත නිවා සනහන
සිහින් පොදවැස්සකට හසුව
නටු අගින් ගිලිහෙත
එක දෙකක් ඒ මල්..
දිය කඩිත්තක සුළියකට හසුව
කැරකි කැරකී හිනැහෙන
කුඩමසු සමඟ එකවිට
දියමත රැඟුමකය
ඒ මල්….