ඔබ, මම සහ කාලය..

>> Tuesday, June 8, 2010


එදා හැමූ
මල් සුවඳ වෙනුවට
අද ඔබ ලඟින් හමන
සිද්ධාලේප 
බාම් ගඳ…..

4 විවේචන:

ජංජාල චාමර June 8, 2010 at 4:31 PM  

එදා ඔබ ගැල්වූ
රතුපාට
තොල් වර්ණක
වෙනුවට
තොල් පුරා වැසීගත්
හපන බුලත් විටේ
ලස්සන රතු පාට.....

:)

Amila Chathuranga June 8, 2010 at 5:59 PM  

එදා ඔබේ තිසරුන් යුදට සැරසී උන් හැඩ හා අද කාලයාට පරාද වී මෙන් නැමී ඇති ලස්සන....

දිල් June 8, 2010 at 6:17 PM  

කාලයේ වෙනස අපූරුවට...
ඒත් හිත මැද දෝර ගලන සෙනෙහස...අඩු නැතිවම

රසික වික්‍රමනායක June 8, 2010 at 6:50 PM  

ඉන්දි, චාමර.. ඔව්..මාත් මේ කවිය දිගට ලියපු එකක්..ඒත් මේ පද කිහිපයෙන් කියන්න ඕනි දේ කියවෙනවා කියල හිතුන නිසා කෙටි කවියක් විදියටම තිව්වා..ස්තුතියි අදහස් වලට..
ස්තුතියි ඔයාටත් දිල්..

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP