අබිසරුලියගේ පෙම් ගීය….

>> Friday, May 7, 2010

සබඳ ඔබ දනී නම්
ඔබ පතන මා සුරත
සිදාදියේ සියක් අත් හා 
වෙලෙන බව එක දිනක..

ඔබගේ නොයිඳුල් හාදුවකින්
කිති කවන්නට පතන දෙලවන
සීතල, උණුසුම් කම්මුල් පහසින්
මැරි මැරී යලිත් උපදියි…

නැති බැරි කමට ඇඟ වික්කට
ගමට කලුවර එනකොට
කියන්නේ කෙලෙස මම
අබිසරු ලියක් බව
මා අතම පතන ඔබට?


8 විවේචන:

Anonymous May 8, 2010 at 12:22 AM  

බොහොම අගෙයි මිත්‍රයා..

Naya May 8, 2010 at 6:09 AM  

අපූරුයි..

රසික වික්‍රමනායක May 8, 2010 at 7:29 AM  

stooti dennatama....

දිල් May 8, 2010 at 7:40 AM  

තවත් දුක්ම විඳ ජීවිතය ජීවත් කරවන අපේ කාලයේ ගැහැනියක් ගැන..අපූරුයි රසික

``` Outsider``` May 8, 2010 at 12:01 PM  

නියමයි..

මින්දද May 8, 2010 at 1:41 PM  

පෙරළ පෙරළා හුඟක් පැති වලට හිතා බැලිය යුතු කාරණයක්... හොඳයි නරකයි දෙකම තියෙනවා...

සාර්ථක නිර්මානයක් අයියේ...

රසික වික්‍රමනායක May 8, 2010 at 8:48 PM  

දිල්ට : ගොඩක් ස්තුතියි… මේ මට දවසක් බස් එකකදි හම්බ වෙච්ච නංගි කෙනෙක් කිව්ව කතාවක්..
අවුට්සයිඩර් :ස්තුතියි..!
මින්දද: ඔව්.. මේ සමාජයේ අපි නොදන්න පැති ගොඩක් තියෙනවා….

රවා May 8, 2010 at 11:37 PM  

රසික අයියා.. ඔයා මෙ විෂය ගැන දන්න කෙනෙක් නෙමෙ..... මිනිස් හැගීම් හැසිරෙන් ආකාරයෙ හරිම අපුර්වත්වයක් තියනවා.. සමාජයෙ සමහර පිළිලයක් , මිනිස් කමට නිගාවක්.. අර කතා මෙ කතා.. සංස්කෘතිය... සදාචාරය.. මිනිස්සු හරිම පුදුමයි .. එ ගැහැණි සල්ලි වෙනුවෙන්මත් නෙමෙ එ දෙට යොමු වෙන්නෙ.. එ ගැහැණියගෙ හදවතෙත් දුවනවා ලේ.. ආදරෙ සෙනෙහස කියන දෙ. මට සතුටක් දැනුනා බස් එකෙ යන තවත් මනුස්සයෙක්ව දැකලා...එහෙම තමයි ජිවත්වෙන්න ඔනා.. අපි වටෙ ඉන්නෙ කවුද.. ඉදලා යන්නෙ කවුද ... මොකද්ද එයාගෙ හැඩ රුව.. හැමදෙයක්ම ටික කාලයකට අපෙ මතකයෙ තියන්න ඔනා..

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP