කැලෑවට පිපුනු මල්..

>> Thursday, April 29, 2010


තේරෙන නොතේරෙන දෙමළින් ඇස් අගක
ඉනු උනු කඳුළු සඟවා හදවත් කොනක
සිප් කිරි බොන්න පොරකන දරු කැළ සඳක
සාවා දුටුව වැනි අඳුරුම මහ රැයක

ටකරන් මඩුව තල් අතුවැට පොත් මිටිය
පොඩිවුන ගවුම හොටු නාවර මුව පොඩිය
බූ ගෑ හිසක බර උසුලන කටු දෙපය
කිරි සුවඳක ඉඩ හසරැළි නැති හැඩය

වන්නි වනපෙතේ ඇවිලෙන ගිනි මැලය
සුළඟට කැරකි උඩ නැඟ එන මැසි කැලය
අව්වට කළු ගැහී වේලුන දරු පෙලය
වනයට සමාවක් ලතෙතක් නැති හැඩය

අකුලක පිපුණ ඈ කුසුමකි සුවඳ හිමී
අකුලේ වැනෙනු මිස කඳුරක සුව අහිමී
අකුලේ පිපී අකුලෙම පරවෙනු දකිමී
ඔය මුව සිනා මල් පිබිදෙන දින ගනිමී..

මඩකලපුව දිස්තිරික්කයේ මුරුතමුනයි ගම්මානයේ ශ්රී මමම්ගම් විදුහලේදී මට මුණ ගැසුන මේ දැරිවිය හඩන්නේ කිරි ඉල්ලා නොවේ…. ඉගෙනීමට, පොතක්, පෑනක්, පාසලක් ඉල්ලාය.ඈ ඉගෙනුම ලබන පාසලේ 5 වසරින් පසු පංති නැත. ලඟම ඇති අනෙත් පාසල කි.මී. 70 ක් දුරින් පිහිටා තිබේ. ඇය 5වසරින් පසු එක්කෝ ගෙදර නැවතිය යුතුය. නැතහොත් 5 වස්රේම රැඳී සිටිය යුතුය. එසේ 5 වසරේම වසර හතරක් පුරා අකුරු කරන දැරිවියන් කීප දෙනෙක් මේ පාසලේ සිටී.රැකියාව තුලින් හෝ මොවුන්ට කුඩා පිලිසරණක් වීමට ලැබීම මා ලද අගනා අවස්තාවක් යැයි මට සිතේ.



6 විවේචන:

දිල් April 30, 2010 at 8:41 AM  

මේ කාලකන්නී යුද්ධය අපිත ඉතිරි කල දේවල්. දැන් ඉතින් පාලකයිනේ ඇස්ගෙඩිවලට මෙවැනි දේවල් පෙනෙන්නට කාලය හරි කියලයි හිතෙන්න්...

කස්ස May 2, 2010 at 7:44 PM  

හිතට වැදුන් කතාවක්. අර දිල් කිවුව වගේ කාලකන්නි යුද්ධෙ කැඅපු දෙයක් තමා...දුක හිතුන ගොඩක්...

චතුර විජේකෝන් May 4, 2010 at 7:15 PM  

අසුවුණ කාලයේ ඝණ වැලි තලාවට
මේ වැනි කැකුලු මල් පරවුණු කැලෑවට
අමතක නොකර මේ වගෙ වත් මතක් කොට
කෙරුවේ පිනකි සොහොයුර නැත වචන මට

රසික වික්‍රමනායක May 7, 2010 at 8:17 PM  

දිල්ට: ඒක ඇත්ත දිල්.. ඒත් අපේ සමහරු ජාතිවාදය කරපින්නාගෙන යෑම තමයි අවාසනාව.ස්තුතියි..
කස්සා: ස්තුතියි..!
චතුර: ගොඩක් ස්තුතියි ඔබටත්…

රවා May 8, 2010 at 11:19 PM  

මෙවා දකිද්දි දුකයි සතුටයි දෙකම.. හිතට එනවා.. මොකක් හරි පින් අතෙ වැඩකට කට්ටිය එකතු වෙනවා නම් අපිටත් දන්වන්න.. අපිත් පුළුවන් විදියට උදව් කරන්නම්...

රසික වික්‍රමනායක May 10, 2010 at 6:40 PM  

අපි යුනිසෙෆ් එකෙන් යුරෝපා කොමිසමේ ආධාර යටතේ මේ පාසල් දියුණු කරනවා.ඒ ගැනයි කිව්වේ.. ආත්ම තෘප්තිය උපරිම වශයෙන් විදින්න පුළුවන් රැකියාවක්…

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP