නාටාමි.

>> Sunday, April 25, 2010

හිස බිමට නවාගෙන
දෙතොල් පට විකාගෙන
මහතුනේ රැගෙන යන ඔය බර
මොහොතකට මට දෙන්න.

හිස මදක් කෙලින් කොට
හොඳින් හුස්මක් ගන්න
මා දකින පිපෙන ඉර
ඔබත් දැන් නරඹන්න.

මේ මහා බර පොදිය
යලිත් ඔබ අරගන්න
මගෙන් වූ සේවයට
සන්තෝසමක් දෙන්න…


11 විවේචන:

දිල් April 25, 2010 at 9:54 AM  

කන්තෝරු බර අදින්න නාටාමි කෙනෙක්. නරකම නෑ නේද ? බැරිද මගෙ ඔෆීස් එක පැත්තෙත් එන්න රසික ?

රසික වික්‍රමනායක April 25, 2010 at 10:19 AM  

හ්ම්ම්… මමත් කරන්නෙ බර අදින එක තමයි දිල්.. ඔයානම් ඔෆිස් එකෙයි , ඛ්රාන්චස් වල්යි විතරයි.. ඒත් මට රට පුරාම බර උස්සන්න වෙනව..ලොල්ස්..
මම මේ කවියෙන් කිව්වෙ වෙන කතාවක්.. ඔෆිස් වල බර උහුලන අයට වඩා නාටාමිලා සන්තෝසෙන් ඉන්නවා ඇති කියලා මට හිතුනා..

ස්තුතියි..

රවා April 25, 2010 at 1:18 PM  

රසික අයියා මම ගොඩාක් වෙලාවට උත්සහා කරන දෙයක්.. සමහර වෙලාවකට මට හිතෙනවා වැරදි කියලා... අනිත් මිනිස්සු මං ගැන වැරදියට හිතයි.. කියලා..අනිත් මිනිස්සු අතර මගෙ අගය අඩු වෙයි කියලත්.. එත් ආපහු ඇතුලෙ කැගහනවා යමන්.. යමන්... ගිහිල්ලා මොකක් හරි කරන්න උත්සහා කරපන් කියලා...එ මන් හැදුන වැඩුන පරිසරයෙන් මට ලැජ්ජාව, බිය කියන දෙ ගොඩක් අඩුවෙන් හම්බ උන නිසයි..කියලා මට හිතෙනවා...

ඔයා ලියපු කවිය ඇතුලෙ.. මම දැක්කෙ මාවමයි..

cspmaxx April 25, 2010 at 6:28 PM  

රසික අයියත් ආයෙ ඒ පැත්තට එන්නෙ නැති හින්දා ඔන්න මම මේ පැත්තට ආවා...ඒ පැත්ත නම් එන්න එන්නම අනිත් පැත්තට තමයි යන්නේ...ඒව වැඩක් නැහැනේ..වෙලා තියෙන කොට ඇවිත් ලියන ඒව බලල යන්නම්....

මින්දද April 25, 2010 at 6:33 PM  

වෙලාවකට මටත් හිතෙනවා රසික අයියා කියලා තියෙන කාරණය... ඒත් මාසෙ අන්තිමට පඩියක් හම්බවෙන්නෙ මේ කරන වැඩ හින්දා නේද කියලා හිත හදා ගන්නවා...

රසික වික්‍රමනායක April 25, 2010 at 8:21 PM  

රවාට: මල්ලි කියන දේ මට හරියට තේරුනේ නෑ.
චන්දනට : ගොඩක් ස්තුතියි මල්ලි මේ පැත්තෙ ආවට. එහේ ඉන්න පුළුවන්ද වෙන වැඩ වල හැටියට?
මින්දදට: ස්තුතියි අදහස් වලට

පොදුවේ හැමෝටම : ගොඩක් අය මම කියන්න හදපු දේ තේරුම් අරන් නෑ. ඒක තනිකර මගේ වැරැද්ද.
මම කියන්න හැදුවේ නාටාමි කෙනෙක් කොච්චර භවුතිකව බර ඉසුලුවත් ඊට වඩා මානසිකව බර දරන අය මේ සමාජයේ ඉන්නව කියල..

කස්ස April 29, 2010 at 7:37 PM  

වැදගත් රස්සාවක්.ගරුකලයුතු රස්සාවත්..අවාසනාවකට අපේ රටේ එහෙම නෑ.කාලීන වචනටිකක් රසික අයියා...

රසික වික්‍රමනායක April 29, 2010 at 10:33 PM  

stuti kasun malli.. upaadhiyata suba pathum..!

දිල් May 2, 2010 at 7:36 PM  
This comment has been removed by the author.
කස්ස May 2, 2010 at 7:38 PM  

ස්තුති රසික අයිය

රවා May 8, 2010 at 11:12 PM  

රසික අයියා මම මෙතනදි කිව්වෙ මෙ අනිත් අයගෙ බර තමුන්ගෙ කරපිට පටවා ගැනිම ගැනයි.. සල්ලි නිසා කරද්දි නාටාමි.. කියලා කියනවා.. ස්භාවයෙන් ලැජ්ජාව බිය අනවශ්‍ය දෙවල් වලට තියන මිනිස්සු.. තවත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලදි එයාලව තනිකරලා යද්දි එ වෙනුවෙන් පෙනි ඉදලා අනිත් මිනිස්සුන්ගෙන් පහර කාලා තියනවා ... සමහර මිනිස්සු මාව ගනන් නොගෙන මග හැරලා තියනවා.. මම එක ගැනයි කිව්වෙ.. නටාමි වැඩ දැන් කරා ඇති කියලත් හිතෙනවා.. එත් බස් එකක් නැග්ගත් ඉදන් යන්න පින නැහැ.. මම ඔයාගෙ පරිකල්පන හැකියාව අගය කරනවා..

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP