ඔය බිමේ මා නොමැත..

>> Thursday, April 15, 2010

සුසානේ කෙලවරක
කොල හැළුන බිම් කඩක
අඩි හතක් පොලව යට
දිරාගිය ඇට කැබලි…

ඒ මගේ සොහොන් කොත.

පැමිණ ඒ වල ළඟට
ඔබා දණ යුගල බිම
සොඳුර ඔබ නොහඬන්න.

ඔය බිමේ මා නොමැත…..

ඔබෙන් ගවු ගනන් දුර
නැවුම් මවු කුසක් තුල
අලුත් බිලිඳෙක් විලස
යලිත් මා ඉපිද ඇත….

දිරූ ඇට කැබලි මිස
ඔය බිමේ මා නොමැත..


5 විවේචන:

රවා April 15, 2010 at 8:07 PM  

හරිම ලස්සන ජිවන දැක්මක් කියනවා මෙ කවියෙන්.. හරිම ලස්සනයි.. බොහොම දුරයි.. හරිම ලස්සනයි..

රසික වික්‍රමනායක April 15, 2010 at 9:38 PM  

ජීවන අත්දැකීමක් කෙසේ වෙතත් මට ඕනි උනේ යතාර්තය පෙන්නන්නයි සහෝදරයා..ගොඩක් ස්තුතියි මගේ නිර්මානය අගය කලාට…

Dinesh_Silva April 15, 2010 at 9:42 PM  

අති විශිෂ්ඨ නිර්මානයක්!

රසික වික්‍රමනායක April 16, 2010 at 6:45 PM  

ස්තුතියි ඔබට…

සයිමන් නවගත්තේගම April 22, 2010 at 2:18 PM  

PDFපද්ය...( බිය නොවන්න සොඳුරිය - VOL 01 )

මෙන්න බාගන්න - http://www.4shared.com/document/T-cFiBCU/Biyanowanna_Sodhuriya_vol_01_.html

Free counters!

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP